හරීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි

harinfernando
බදුල්ල දිස්ත්‍රීක්ක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඊයේ (5) පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී තිබේ. එළඹෙන ඌව පළාත් සභා මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන බව මීට පෙර ඔහු දැනුම්දී තිබුණි.

තමාට පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීම සඳහා සහය ලබාදුන් කථානායකවරයා ඇතුළු පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් මෙන්ම පාර්ලිමේන්තු සේවකයින් සියලුදෙනාටම ස්තූතිය පුදකරන බවටත්, තමා එළඹෙන මැතිවරණයට තරඟකරනු වස් පාර්ලිමේන්තුවෙන් ඉවත්වීමට තීරණය කළ බවත් යළි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කර ඇත.

මන්ත්‍රීවරයා ඉල්ලා අස්වීමේ ප්‍රකාශය සිදුකරන අවස්ථාව දැකබලාගැනීම සඳහා මහජන ගැලරියේ විශාල පිරිසක් රැඳී සිටි බවද වාර්තා වෙයි. පසුව පිටතට පැමිණි මන්ත‍්‍රීවරයා ඔහුගේ ආධාරකරුවන් විසින් ඔසවාගෙන පෙළපාලියකින් ගමන් කර තිබේ.
2
මේ අතර හරින් ප්‍රනාන්දු මහතාගෙන් හිස් වන මන්ත්‍රී ධුරය එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුව අනුව කේ.වේලායුදන්ට හිමිව තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>