හරීන් මෛත්‍රී ගැන කලකිරිලා

null

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හිටපු ජනාධිපතිවරයා සමග එක්වුවහොත් තමා සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ලැජ්ජා නහරය කොහේ හරි බිඳිලාදැයි අපට සැකයක් මතුවන බවත්, පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වැරදි තීන්දු තීරණ මැතිවරණ වේදිකාවේදී කතා කළ බවත් ය.

තමන් පරාජයට පත්වී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුවානම් තමන්ට අඩි 6ක් පොළොව යට සිටින්නට වනු ඇතැයි පැවසුවේද මෛත්‍රිපාල සිරිසේන මහතා බව හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වාදෙයි.

එසේ හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ගැන ප්‍රසිද්ධියේ රැස්වීම් වල කතා මෛත්‍රිපාල සිරිසේන මහතා මහින්ද රාජපක්‍ෂ මහතා සමග එක්වීම වූ කලී ඔහු විසින් හොරුන් යැයි චෝදනා කළ පිරිස ඔහු විසින්ම ආරක්‍ෂා කිරීමක් බව ඒ මහතා අවධාරණය කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>