හල්දුම්මුල්ලේ නායයෑමක්

null

බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ නායයෑමක් සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා සඳහන් කළේ බෙරගල – කොස්ලන්ද මාර්ගයේ, රණසිංහ ප්‍රදේශයේ අදාළ නායයෑම සිදුව ඇති බවයි.

මේ අතර හල්දුම්මුල්ල රණසිංහගම ප‍්‍රදේශයේ පවුල් කිහිපයක් නිවාසවලින් ඉවත් කර තිබේ. නායයෑමේ අවදානමක් හේතුවෙන් ආරක්ෂාව සඳහා මෙම පියවර ගෙන ඇත. අදාළ පුද්ගලයින් ඔවුන්ගේ ඥාති නිවෙස් වෙත පිටත්ව ගොස් තිබේ.

බෙරගල – වැල්ලවාය මාර්ගයේ වාහන ධාවනය තවදුරටත් අවදානම් බව පොලිසිය පවසයි. හැකි පමණ විකල්ප මාර්ග භාවිත කරන්නැයි රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>