හැටන් කොල්ලයේ CCTV දර්ශන

null

හැටන් කොටගල නගරයේ උකස් මධ්‍යස්ථානයකින් රන් පවුම් අනූඅටක් (98) සහ මුදල් එක්ලක්ෂ අනූහතරදහසක් සොරකම් කළ සැකකරුවෙකු එම උකස් මධ්‍යස්ථානයේ සවිකර තිබූ සී.සී.ටීවි කැමරා දර්ශන වලින් හදුනාගැනීමෙන් පසු දිඹුල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු ඉකුත්දා රාත්‍රියේ කොටගල නගරයේ පිහිටි මෙම උකස් මධ්‍යස්ථානයට පිටුපස දොරෙන් ඇතුළුවී එහි ආරක්ෂිත ලාච්චුවක තිබූ ස්වර්ණාභරණ හා මුදල් සොරකම්කර ඇති බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

පසු දින එම උකස් මධ්‍යස්ථානයේ හිමිකරු වෙළඳසැළ විවෘත කිරීමෙන් පසු ස්වර්ණාභරණ සොරකම්කර ඇති බවට දැනගත් ඔහු පසුව වෙළඳසැලේ සවිකර තිබූ සී.සී.ටීවි කැමරා දර්ශණ පරීක්ෂාකර බැලිමේදී සැකකරු හදුනාගෙන එ් පිළිබඳව දිඹුල පොලීසියට පැමිණිලි කර තිබේ.

අනතුරුව පොලීසිය විසින් ඉකුත් දහ වෙනිදා සැකකරුව අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරු අධිකරණ නියෝග මත රඳවාගෙන ප‍්‍රශ්න කිරීමේදී ඔහු විසින් සොරකම් කරන ලද රන් පවුම් අනූ අටක් සහ සොරකම් කරන ලද මුදල් වලින් රුපියල් එක්ලක්ෂ හතලිස් තුන්දහසක් සැකකරුගේ නිවසේ තිබී දිඹුල පොලීසිය මඟින් සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම සැකකාර පුද්ගලයා එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුව සිට ඇති අතර පසුව ව්‍යාපාර කටයුතු වලින් පාඩු ලබා තිබේ. ඔහුගෙන් ප‍්‍රශ්ණ කිරීමේදී මීට ඉහත ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බවට පොලීසියට තොරතුරු අනාවරණය වී ඇති බව හිරු නිව්ස් වාර්තා කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු නැවතත් අද (15) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර තිබේ.

null
null
null
null
null
null

ඡයාරූප – හිරු නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>