19 May 2018
හැරී කුමරු සහ මේගන් යුග දිවියට එළඹෙයි
බ්‍රිතාන්‍යයේ රජ කිරුල හිමි හයවන උරුමක්කාරයා ලෙස සැලකෙන හෙන්රි චාල්ස් ඇල්බට් ඩේවිඩ් හෙවත් හැරී කුමරුගේ විවාහ උත්සවය අද උත්සවශ්‍රීයෙන් පැවැත් විණි. ඔහු අතිනත ගත්තේ අමෙරිකානු සිනමා රංගන ශිල්පිනියක වන මේගල් මාකල් සමගයි.
අසනීප තත්වයක් හේතුවෙන් මේගන් මාකල්ගේ පියා මෙම විවාහ මංගලෝත්සවයට සහභාලී නොවුණු අතර ඇය දේවස්ථානයට කැඳවාගෙන එනු ලැබුවේ චාල්ස් කුමරු විසින්.
රාජකීය මංගල්‍යය ලන්ඩනයේ වින්ඩ්සර් මාළිගයේ ශාන්ත ජෝන් චැපල් දේවස්ථානයේ දී සිදුකෙරුණු අතර, එය නැරඹීමට ලක්ෂයකට අධික පිරිසක් මාළිගා පරිශ්‍රය ආසන්නයේ සහ වීථිවලට එක්රැස් වී සිටි බව වාර්තා වෙයි.
එමෙන්ම මෙම විවාහ උත්සවය සඳහා 800 කට ආසන්න ආරාධිතයින් පිරිසක් එක්ව සිටි බව වාර්තා වේ.