15 Jan 2016
හැරී පෝටර් චිත්‍රපට මාලාවේ මායාකරු සමුගනී
ලොකු කුඩා කා අතරත් ජනප්‍රියත්වයට පත්වු හැරී පෝටර් කථා මාලාවේ මායාකරු වු ඇලන් රික්මන් ජීවිතක්ෂයට පත්වී තිබේ.
රික්මන්ගේ පවුලේ සාමාජිකයන් විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ පිළිකා රෝගියෙකු වූ රික්මන් ඊයේ (14) මියගිය බවයි.
ඔහු මියයන විට වයස අවුරුදු 69 ක්.
ඇලන් රික්මන් හැරී පෝටර් මෙන්ම තවත් චිත්‍රපට රැසකට රංගන දායකත්වය ලබාදී තිබේ.