හැරී පෝටර් වගේ යැයි කිව්වාට පිහි පහරක්

null

තමාට හැරී පෝටර් වගේ යැයි කිව්වාට උරණ වී තරුණියන් දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කල තරුණයෙකු පිලිබඳ පුවතක් එංගලන්තයෙන් වාර්තා වේ.

හැරී පොටර් චිත්‍රපට මාලාවේ එම චරිතයට පන පෙවූ Daniel Radcliffe ට සමාන පෙනුමක් 19 හැවිරිදි Ryan Walker නම් මෙම තරුණයාට තිබී ඇත.

මෙම තරුණයා සිය මවට අවශ්‍ය කළමනා මිලදී ගැනීම සඳහා වෙළඳපොළට ගොස් එමින් සිටියදී මහල් නිවාස සංකීරණයට ඇතුල් වන පියගැට පෙළ අසල සිටි තරුණියන් දෙදෙනෙකු ඔහුගේ බෑගය අතින් ඇද ඔහු හැරී පෝටර් වගේ යැයි පවසා තිබේ.

ඉන් උරණ වූ තරුණයා තම නිවසට දිව ගොස් වතුර පිරවූ බාල්දියක් රැගෙන විත් තරුණියන්ට වතුර ගසා තිබේ. පසුව එම තරුණියන් ඔහු ලුහුබැඳ එද්දී නිවසට ගොස් පිහියක් රැගෙන සැඟව සිටි ඔහු තරුණියන් දෙදෙනා පැමිණි විට එක් තරුණියක් බිම පෙරලාගෙන පිහියෙන් කොටා “මැරියන් මැරියන්” යනුවෙන් හඬ නගා තිබේ. අනෙක් තරුණියගේ ඔළුවට සහ මුහුනටද පහරදී තිබේ.

මෙම පහරදීමෙන් බරපතල තුවාල ලැබූ තරුණියන් දෙදෙනා Emma Keeble (15) සහ Leah Pearce (16) වන අතර පසුව ඔවුන් රෝහල් ගත කර තිබේ.

පහරදීම සිදු කල Ryan Walker නැමති තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව වසර 4ක සිර දඬුවමක් නියම කර තිබේ.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වූ Leah Pearce (16) ගේ මව මෙහිදී පවසා ඇත්තේ ඔහුට නියම කල දඬුවම ප්‍රමාණවත් නොවන බවයි. තම දියණියගේ තුවාල සුව වීමට වසර ගණනක් යා හැකි බව පැවසු ඇය මින් පසුව ඔහුට නමක් පටබඳින පුද්ගලයා ගැන බෙහෙවින් කණගාටු වන බවද ප්‍රකාශ කලාය.

Ryan Walker

null

Leah Pearce

null

Emma Keeble

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>