හික්කඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි

null

හික්කඩුව – බටකැටිය ප‍්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 35 හැවිරිදි ටී.ජී. අජිත් නැමති වෘත්තියෙන් පෙදරේරුවකු වන පුද්ගලයෙකි.

ඊයේ (20) පස්වරු 5.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර ඔහුව රෝහල්ගත කරන අවස්ථාව වන විට ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි.

මෙම ඝාතනය කාලයක් තිස්සේ පවතින ආරවුලක ප‍්‍රතිඵලයක් ලෙස සිදුව ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණ වී තිබේ.

ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ කාර්යාලය සඳහන් කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>