හිඟ වාරික ගන්න ගිය බැංකු නිලධාරියාට කාන්තාවගෙන් ගුටි

null

මාදම්පේ, තඹගල්ල – කොරසවත්ත ප්‍රදේශයේ බැංකුවකින් ණයක් ලබාගෙන එහි හිඟ වාරික පියවීම පැහැර හැරීම ගැන සොයාබැලීමට ගිය බැංකු නිලධාරියෙකුට කාන්තාවක් විසින් පහරදුන් පුවතක් වාර්තා වෙයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ රතුගමගේ පියල් සුසන්ත ප්‍රනාන්දු (අවු:46) නමැති පුද්ගලයෙකි. ඔහු මේ වන විට හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව වාර්තා වෙයි.

පසුගිය 24 වැනිදා පහර කෑමට ලක්වූ බව කියන නිලධාරියා බැංකු කළමනාකාරවරයා සමග ණය ලබාගත් කාන්තාවගේ නිවසට ගොස් තිබේ. එහිදී බැංකු කළමනාකරු හා නිලධාරියා එම කාන්තාව සමග කතා කරමින් සිටින විට එම ස්ථානයට පැමිණි එකී කාන්තාවගේ ස්වාමි පුරුෂයා බැංකු නිලධාරීන්ට පහරදී තිබේ.

එම වේලාවේම පැමිණි තවත් කාන්තාවක් බැංකු නිලධාරියාට පහරදී ඇත. අදාල කාන්තාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ගැන මාදම්පේ පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>