හිටපු ඇමති ජනකගේ පුතා අත්අඩංගුවට

null

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තුන්දෙනෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුත් මධ්‍යම පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පොලීසිය ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 31 වන දා රාත්‍රී 10.45ට පමණ දඹුල්ල – මාතලේ ප්‍රධාන මාර්ගයේ විහාර හන්දිය ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුව ඇත.

අත්අඩංගුවට ගත් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු. ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර තිබේ.

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මධ්‍යම පළාත් ක්‍රීඩා, යෞවන, වනිතා සහ ග්‍රාමීය කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>