01 Aug 2015
හිටපු ඇමති සී.බී.ගේ නිවසේ ගින්නක්
සන්ධානයේ පාර්ලිමේන්තු අපේක්ෂක සී.බී.රත්නායක මහතාට අයත් මාදිවෙල, සුභද්‍රාරාම මාවතේ ඇති තෙමහල් නිවසක උඩු මහලේ ගින්නක් ඇති වී තිබේ.
අද අලුයම 2.30 ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර ගින්නෙන් දෙවන මහල සහ තුන්වන මහලට අලාභහානී සිදුවී ඇති බවද සඳහන්ය.
කෝට්ටේ ගිනි නිවීමේ ඒකකය විසින් ගින්න මැඩපවත්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.