හිටපු කොටින්ට නාමයෝජනා නෑ – TNA

null

එළැඹෙන මහ මැතිවරණයේදි පුනරුත්තාපනය වූ එල.ටී.ටී.ඊ සාමාජිකයින් සඳහා නාම යෝජනා ලබා දීම ප‍්‍රතික්‍ෂේප කිරීමට දෙමළ ජාතික සන්ධානය විසින් තීරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානයේ නායකයන්ගේ ස්ථාවරය වූයේ මෙවර ඔවුන්ට අවස්ථාව නොදී ලබන වාරයේ අවස්ථාව ලබා දීම බව වාර්තා වේ.

ඊයේ (06) වව්නියාව වන්නිඉන් හෝටලයේදී දෙමළ ජාතික සන්ධාන නායක ආර.සම්බන්ධන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.

කෙසේ වෙතත් පුනරුත්තාපනය වූ කොටි සාමාජිකයන් මාධ්‍යයට අදහස් දක්වමින් කියා ඇත්තේ තමන්ට දෙමළ ජාතික සන්ධානයේ අවස්ථාවක් නොමැති වීමෙන් අධෛර්ය නොවන බවත්, ඉදිරියේ දී වෙනත් පක්ෂයකින් වන්නි දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තරඟ කිරීම පිළිබඳව තම තීරණය කළ බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>