හිටපු ජනපතිගෙන් ජනතාවට පණිවිඩයක්

null

2015 ජනාධිපතිවරණ ප‍්‍රතිඵල නිකුත් වෙමින් තිබියදි මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජය තහවුරු වීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා අද උදෑසන අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගියේය.

ඉන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයට ගිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මැතිඇමතිවරුන් මෙන්ම එහි සේවක සේවිකාවන් හමුවී ඔවුන්ගෙන් සමුගත්තේය.

පසුව ඒ මහතා අද පස්වරුවේ හම්බන්තොට මැදමුලනේ පිහිටි සිය නිවස වෙත ගොස් තිබෙන අතර ඔහු සමග ශිරන්ති රාජපක්‍ෂ මහත්මියත්, නාමල් රාජපක්‍ෂ මහතාත්්, මැදමුලන නිවසට ගොස් තිබේ.

එම අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් විශාල පිරිසක් එහි පැමිණ තිබුණ අතර ඔවුන් රාජපක්‍ෂ මහතාට සිය ගෞරවය සහ ප‍්‍රසාදය පළකර තිබේ. එතුමන්ගේ පරාජය විඳ දරා ගැනීමට නොහැකිවූ බොහෝ පිරිස් මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ හඬා වැලපී තිබේ.

එහිදී රැස්ව සිටි පිරිස ඇමතු මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයේ දී හම්බන්තොට ඇතුළු දකුණේ ජනතාව තමාගේ ජයග‍්‍රහණය අපේක්‍ෂා කරමින් ක‍්‍රියාකිරීම පිළිබඳ කෘතඥතාව පල කලෙය. එමෙන්ම ඉදිරියටත් තමන් ජනතාව සමග සිටින බවද රාජපක්‍ෂ මහතා කියා සිටියේය.

හිටපු ජනාධිපති මැතිඇමතිවරුන් මෙන්ම සේවක සේවිකාවන් හමුවී සමුදුන් අයුරු

හිටපු ජනපතිගේ පණිවිඩය

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>