හිටපු ජනපතිගේ ආරක්ෂාව රජය භාර ගන්නවා

null

පුනරුත්තාපනය නොකළ එල්.ටී.ටී.ඊ රැඳවූවන් නිදහස් කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බව පවසමින් ඒ මහතාගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා ඊයේ (06) මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසා ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු වගකීම් රජය භාර ගන්නා බවයි.

ඔහු පෙන්වා දෙන්නේ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයන් නිදහස් කිරීමෙන් ඒ මහතාගේ ආරක්ෂාවට කිසිදු බලපෑමක් එල්ල නොවන බවයි.

එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමග සහ අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බැවින් එවැනි ගැටලුවක් ඇත්නම් ඕනෑම අවස්ථාවක දැනුම් දිය හැකි බවද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>