හිටපු ජනපතිගේ පරාජයට ප්‍රධාන හේතුව විමල්

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජනාධිපතිවරණ පරාජයට වගකිව යුතු පුද්ගලයින් අතර ප්‍රධානියා විමල් වීරවංශ මන්ත්‍රීවරයා බව අමාත්‍ය විජිත් විජිත්මුණි සොයිසා මහතා පවසයි.

ඊයේ (18) බිබිල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මේ බව ප්‍රකාශ කර තිබේ.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි ඔහු මෙසේ අදහස් පළකර තිබේ…

“ආර්ථික ඝාතකයා කිවා හිටපු ජනාධිපතිතුමාගේ ලේකම්තුමාට. කාටද? පි.බි.ජයසුන්දර මහතාට. පි.බි.ජයසුන්දර මහතා කියන්නේ මුදල් ඇමතිගේ ලේකම්. එතොකොට බල්ලා නාවන්න ඇදගෙන යනවා එතොකොට ආර්ථික ඝාතකයා කවුද පි.බි.ජයසුන්දර. එතුමාගේ ලේකම්තුමා. එහෙනම් ඉතින් කාටද බල්ලා කිවේ විමල් විරවංශ? මේ පක්ෂය පසුගිය ජනාධිපතිවරයාගේ වගකීම භාර ගන්න ඕනි කිහිප දෙනෙක්.
දැන් මේ ගොල්ලන්ට මහින්ද මහත්තයා නැතුව ඡන්දය ඉල්ලන්න බැහැ. මොකද එතුමාට් තිබෙනවා විශාල කීර්තියක්. එතුමාට තියෙනවා ජනතාවගේ ආදරයක්. ඒවා නායකයෙක්ගේ නැති කරන්න බැහැ.”

එමෙන්ම අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමට නම් අගමැතිවරයාට මුළු රටේම ඡන්දය උරගා බැලීමේ හැකියාව ලැබෙන සේ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතු බවද ඔහු මෙහිදී සඳහන් කර ඇත.

හෙතෙම පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ අගමැති අපේක්ෂකයෙකු නම් කිරීමේ කිසිදු සම්ප්‍රදායක් නොමැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>