හිටපු ජනපතිට උසාවි එන ලෙස නොතීසි
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට මාර්තු 31 වැනි දා අධිකරණයේ පෙනී සිටින්නැයි ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නොතීසි නිකුත් කර තිබේ.
ඒ පසුගිය ජනාධිපතිවරණයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ කිසිදු ඉල්ලීමක් නොමැතිව හිටපු ජනාධිපතිවරයාගේ අණින් හමුදා කැඳවීමට එරෙහිව පෙරටුගාමී සමාජවාදී පක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි.
මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් වගඋත්තරකරුවන් තිදෙනෙකුට මෙලෙස නොතීසි නිකුත් කර තිබේ.
කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරයෙකුට එරෙහිව නඩු පැවරිය නොහැකි බවත් ජනාධිපතිවරයෙකු අධිකරණයට කැඳවිය නොහැකි බවත් ය. මේ පිළිබඳව නෙත් නිව්ස් අධිනීතිඥ ගෝමීන් දයාසිරි මහතාගෙන් විමසා ඇති අතර ඔහු මෙසේ එයට පිළිතුරු දී තිබේ.
“ජනාධිපතිවරයෙකුට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ස්ථිර වශයෙන් අපේ ව්‍යවස්ථාවේ සඳහන් කරලා තියෙනවා. එම නිසා යම් පුද්ගලයෙක් ජනාධිපති ධූරය දරන සමයේදී නඩුවක් ඉදිරිපත් කළහොත් එය අනිවාර්යෙන්ම නිෂ්ප්රභා කල යුතුයි. නමුත් ජනාධිපතිවරයෙකුගේ ධූර කාලය අවසන් වූ පසු ඔහුට විරුද්ධව නඩු පැවරීමට සම්පුර්ණ අයිතිය ඕනෑම පුරවැසියෙකුට තියෙනවා. නමුත් එම නඩුව තැම්පත් කල යුත්තේ එම පුද්ගලයා ජනාධිපතිවරයාව නිරත වෙනවානම් එම කාලසිමාවට පස්සේ”