14 May 2015
හිටපු ජනපති අධිකරණයේ පිහිට පතයි
දැනට සිදු කෙරෙන මඩගැසීම් සහ චරිත ඝාතනවලට එරෙහිව ඉදිරියේදී අධිකරණයේ පිහිට පතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
තමාට එරෙහිවද මේ වන විට නඩුවක් පැවරීමට උත්සාහ දරමින් සිටින බව හෙතෙම පෙන්වාදෙයි.
මතුගම පැලවත්ත නන්දනවන විහාරයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.