හිටපු ජනපති අපාගතවෙන්න හදනවා

null

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පන්සල් ගානේ ගිහින් මල් පූජා කර පිං රැස් කරගන්නවා වෙනුවට මහා පරිමාණ බොරු කියමින් රට නොමඟ යවා අපාගත වීමට සැරසෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.

ඊයේ (21) අරලිය ගහ මන්දිරයේ පැවැති එක්සත් ජාතික පක්ෂ තරුණ හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.

“රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පන්සලක් පන්සලක් ගානේ ගිහිල්ලා මල් පූජා තියලා පිං රැස් කරගන්නවා වෙනුවට මහා පරිමාණ බොරු කියලා රට නොමඟ යවලා අපා ගත වෙන්න හදන්නේ. එක පැත්තකින් කියනවා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා. මම එක දෙයක් පැහැදැලිව කියනවා. මම ආරක්ෂක රාජ්‍ය ඇමතිවරයා. අපේ ආරක්ෂක ඇමතිතුමා තමයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා. එතුමාවත් , මමවත් කිසිසේත්ම ජාතික ආරක්ෂාව දුර්වල වෙන්න ඉඩතියන්නේ නෑ. මම මේක යාපනයේදීත් කිව්වා”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>