28 Jul 2015
හිටපු ජනපති අබ්දුල් කලාම් සමුගනියි
ඉන්දියාවේ ජනාධිපතිවරයෙකු මෙන්ම ප්‍රකට භෞතික විද්‍යාඥයෙකු වූ අබ්දුල් කලාම් වයස අවුරුදු 83ක්ව සිටියදී ඊයේ (27) අභාවප්‍රාප්ත වී තිබේ.
ඉන්දීය හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවේ Shillong කළමනාකරණ ආයතනයේ දේශනයක් සඳහා ගොස් සිටියදී එහි වේදිකාවක් මත ඇද වැටී ඇතැයි සඳහන්ය. අනතුරුව ඔහු රෝහල් කිරීමෙන් පසු මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
1931 ඔක්තෝබර් 15 වැනිදා රාමේශ්වරම් හී සාමාන්‍ය පවුලක සාමාජිකයෙකු ලෙස උපත ලැබූ කලාම් මහතා ඉන්දියාවේ මිසයිල මිනිසා යන නමින්ද හඳුන්වනු ලැබුවේය.
2002 වසරේ සිට 2007 වසර දක්වා ඉන්දියාවේ 11 වන ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු එරට න්‍යෂ්ටික වැඩසටහන සහ අභ්‍යාවකාශ පර්යේෂණ වෙනුවෙන් විශාල දායකත්වයක් දැක්වූ පුද්ගලයෙක්.
පසුගියදා ශ්‍රී ලංකාවේ පැවැති බලශක්ති සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ද අබ්දුල් කලාම් මහතා සහභාගී විය.