20 Apr 2015
හිටපු ජනපති අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලබන 24 වැනිදා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවට කැඳවා තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
පසුගිය ජනාධිපතිවරණ සමයේ එවකට එ.ජා.ප. ලේකම් ධූරයේ සිටි තිස්ස අත්තනායක මහතාට අල්ලස් ලබාදීමක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සඳහා මෙලෙස එම කොමිසම හමුවට කැඳවීමට දැනුම් දී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
කෙසේ වෙතත් අල්ලස් කොමිසම හමුවට යාමට පෙර නීති උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.
මේ අතර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද ලබන 22 වැනිදා අල්ලස් කොමිසම හමුවට කැදවා තිබේ.
ඇවන්ගාර්ඩ් සමාගම සහ රක්නා ලංකා ආරක්ෂක සේවය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි පවසයි.