හිටපු ජනපති කිරිවෙහෙර පිංකමේ

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් කතරගම – කිරිවෙහෙර පූජා භූමියේදී ඊයේ (15) පුණ්‍ය උත්සවයක් පැවැත්විය.

එම අවස්ථාවට මහා සංඝරත්නය සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය.

උඩරට ගිවිසුම ගැසට් නිවේදනයක් ලෙස සම්මත වී වසර 200 ක් සැමරීම වෙනුවෙන් මෙම ආගමික වැඩසටහන සංවිධාන කර තිබුණි. මවිබිම කොටි ත‍්‍රස්තවාදින්ගෙන් මුදා වසර 06 ක් ගත්විමද යුද්ධයේ දි මිය ගිය රණවිරුවන් සිහි කිරිමද මෙම වැඩ සටහනේ තවත් අරමුණකි.

මෙහිදී අෂ්ටඵල බෝධියට පූජාවක් තබා මියගිය රණවිරුවන්ට පිං අනුමෝදනා කිරීමෙන් පසු කිරිවෙහෙර අභියසදී ජාතික වීර ප්‍රතිඥාව ඉදිරිපත් කර වැඩම කර සිටි මහා සංඝරත්නය සිය අදහස් දක්වා සෙත් පිරිත් දේශනා කර තිබේ.

එම අවස්ථාවට හිටපු අමාත්‍ය විමල් වීරවංශට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන කුමාර වෙල්ගම, බන්දුල ගුණවර්ධන සහ සාලින්ද දිසානායක යන හිටපු අමාත්‍යවරුන් ද ඊට එක්ව සිටියේය.

null
null

pics – ලංකාදීප

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>