හිටපු ජනපති ජාතික ආණ්ඩුවට සුබ පතයි

null

නව ජාතික ආණ්ඩුවට තමන් සුබ පතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. ඔහු මේ බව පැවසුවේ මාතරදී ඊයේ පැවැති උත්සවයකදීයි.

එහිදී තෙලිජ්ජවිල – සමරසිංහාරාමයේ දහම් පාසල් ශිෂ්‍ය නායකයින්ට බැජ් පැළඳවීම සහ එහි ඉදිකළ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා තිබේ.

බිහි වූ නව ජාතික ආණ්ඩුවට තමන්ද සුබපතන බව හෙතෙම මාධ්‍ය වෙත ප්‍රකාශ කලේ පහත අයුරිනි…

ජාතික ආණ්ඩුව පිහිටෙව්වා නේද? හොඳයි හොඳයි. අපිට තියෙන්නේ ඉතින් සුබ පතන එක විතරයි. වෙන මොනව කරන්නද? යුද්ධ කාලේදි මම ජාතික ආණ්ඩුවක් ගැන කතා කළාම කාටත් එන්න කියලා මට හිනා වුණා. එතකොට ඔක්කොම විහිළුවට ලක් කළා. හැබැයි මම එහෙම ලක් කරන්නේ නැහැ. මම දැන් මේ කාලේ විවේකීව ඉන්න කාලෙක දේශපාලන තීන්දු ගැන මට කතා කරන්න අයිතියක් නැහැ. ඕක දැනගන්න ඕනි නම් අපේ ඇමැතිතුමා ඉන්නවා. ජාතික ඇමැතිතුමා ඉන්නවා. එතුමා තමයි උත්තර දෙන්න ඕනි ඕවට. මම දැන් මේ දවස්වල ඉන්නේ විවේකීව. ඔයාලා විවේක දුන්නානේ මට.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>