හිටපු ජනපති ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

null

තමන් අතින් වැරදි සිදුවූ බවත්, සිදුවූ වැරදිවලට තමන් ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

හෙතෙම මේ බව ප්‍රකාශ කලේ ඊයේ මොනරාගල – හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ බෝධි පූජා පිංකමකට එක්වෙමිනි.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි ඔහු වැඩි දුරටත් මෙසේ සඳහන් කර තිබේ…

‘‘මට ඊයේ තෑග්ගක් ගෙනත් දුන්නා. අල්ලස් කොමිසමට මට එන්න කියලා. මම බැලූවා මොකට ද ඒ කියලා. බලනකොට මම අල්ලසක් දීලා. තිස්ස අත්තනායක මහත්තයාට කැබිනට් ඇමතිකමක් දීලා කියලා. මේ වගේ විහිලූ තමයි අද අපිට දකින්න තියෙන්නේ. ප්‍රශ්න කිරීම්, පළි ගැනීම් ඕවා තමයි. මේ බෝධි පූජාවේ බලයෙන් ඔවුන්ගේ හිත් වල තියෙන ක්‍රෝධය නැති වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වැරදි නැහැ කියන්නේ නැහැ. මගේත් වැරදි තිබුණා. වැරදි කරපු අය සමහර ඒවයින් අපි නිදහස් කළා. ඒක තමයි එක වරදක්. ඒ ගැන මම ඔබ තුමන්ලාගෙන් සමාව ඉල්ලනවා. ඒත් එක්කම මම කියන්න කැමතියි තවත් නම් ඒ වැරදි කරන්න මම සූදානම් නැහැ.’’

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>