හිටපු ජනාධිපති අද අධිකරණයට කැඳවයි

null

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ. ඒ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා යි.

පසුගිය ජනාධිපතිවරණ සමයේ දී මැතිවරණ කොමසාරිස්වරයාගේ ඉල්ලීමකින් තොරව ජනාධිපතිවරයාගේ නියෝගයෙන් හමුදාව කැඳවු බව පවසමින් මෙම පෙත්සම ඉදිරිපත් කළේ පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වු දුමින්ද නාගමුව මහතායි.

අදාල පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධීකරණ විනිසුරු මඩුල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහ සෙසු වගඋත්තරකරුවන්ට මාර්තු 31 වැනිදා, එනම් අද දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි නොතීසි නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් අද දිනයේ අධිකරණයට යන්නේද යන්න සම්බන්ධයෙන් නීති උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(30) දිනයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කියා සිටි බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>