හිටපු ජනාධිපති ඔලුවෙන් හිටගෙන
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ අමුතු ආකාරයේ ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය ඔස්සේ සංසරණය වෙමින් තිබේ. මෙම ඡායාරූපය අන්තර්ජාලයට මුදා හැර ඇත්තේ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ මහතා විසින්.
යෝග උපදේශක නන්ද සිරිවර්ධන මහතා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යෝග ව්‍යායාම් කරමින් සිටියදී මෙම ඡායාරූපය ලබාගෙන තිබේ.
නාමල් රාජපක්ෂ මහතා සිය ෆේස්බුක් ගිණුමේ මෙම ඡායාරූපය පළකරමින් මෙසේ සටහනක් ද තබා ඇත.
“රටේ වැදගත් ශ්‍රී ලාංකිකයෙකුගේත්, ගුරුවරයකුගේත්, උපන් දිනය අදයි. ඔහු වෙන කිසිවෙකුත් නොව ප්‍රවීන යෝග උපදේශක, නන්ද සිරිවර්ධනයි. මම ඔහුට දෙන උපන් දින තෑග්ග ලෝකයේ කිසිවෙකුත් මෙතෙක් දැක නැති සිහිවටනයකි.
ඒ මාගේ ආදරණීය පියාණන් ඔහුගේ 70 වන උපන් දිනට පසුදා යෝගී ව්‍යායාම කරන අතර තුර ගුරු නන්ද සමග සිටයදී මාගේ කැමරාවට හසුකරගත් ඡායාරූපයයි.
ගුරුතුමනි, අද දවසේ මාගේ ප්‍රාර්ථනාව මාගේ සහ පියාගේ යෝග ගුරුවරයා වන ඔබතුමා දිනක මගේ දරුවන්ගේ ද ගුරුවරයා වනු දැකීමයි.”
තෙරුවන් සරණයි!