හිටපු මුහුදු කොටි නායිකාව ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

null

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදී කටුනායක ගුවන් තොටුපලෙනදී අත්අඩංගුවට ගෙන තිබේ.

ප‍්‍රංශය බලා යාමට පැමිණි අවස්ථාවේදී ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඇයව මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි 1997 වසරේ සිට 2000 වසර දක්වා මුරුගේසු පහිරදී මුහුදු කොටි කාන්තා බලකායේ නායිකාව ලෙස කටයුතු කර තිබේ. 2005 වසරේදී ප‍්‍රංශයට පිටත්ව ගොස් නැවත පසුගිය පෙබරවාරි 9 වැනිදා දිවයිනට පැමිණ ඈ රැඳී සිට ඇත්තේ පරන්තන් – ධර්මපුරම් ප‍්‍රදේශයේයි.

41 හැවිරිදි මුරුගේසු පහිරදී ගේ සැමියා වන සුබ‍්‍රමනියම් ජයගනේෂන් හෙවත් සාමිරාජ් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ අන්තර්ජාතික මූල්‍ය පරිපාලකයෙකු ලෙස කටයුතු කළ අයෙක්.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කර ඇත්තේ ඊයේ අත්අඩංගුවට ගත් ඇයගෙන් මේ වනවිට පැය 72 ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කරන බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>