හිටපු හමුදා සෙබළකුට මරණ දඬුවම – දමිල ජාතිකයින් 8 දෙනෙකු මරලා

null

2000 නොවැම්බර් නව වැනි දා යාපනය මිරුසුවිල්හිදී ළමයින් දෙදෙනකු ඇතුළු පුද්ගලයින් අටදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (25) මරණීය දණ්ඩනය නියම කර තිබේ.

එලෙස දඬුවම් නියම වූයේ, යුද හමුදාවේ මාණ්ඩලික සැරයන්වරයකු වන රත්නායක මුදියන්සේලාගේ සුනිල් රත්නායක නැමති අයටයි. ඔහුට මෙම ඝාතන සම්බන්ධයෙන් ප්‍රමාණවත් සාක්ෂි ඇති බැවින් ඔහු මරණ දඬුවම නියම කිරීමට අධිකරණය නියෝග කළ බව වාර්තා වේ.

යුද හමුදා දිගු දුර විහිදුම් බළකායේ දෙවන පෙළ ලුතිනන්වරයකු ඇතුළු පහක් මේ නඩුවේ චෝදනා ලැබ සිටියහ. ඉන් හතර දෙනකුට එරෙහිව චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්වූ බව තීරණය කළ විනිසුරු මඩුල්ල ඔවුහු නිදහස් කරනු ලැබූහ.

ප්‍රීති පද්මන් සූරසේන සහ ලලිත් ජයසූරිය යන මහාධිකරණ විනිසුරුවරු තීන්දුව ලබා දුන්හ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>