හිතේ අමරුවට කාසි ගිල්ල පුද්ගලයෙක්

null

මානසික පීඩනයක් හේතුවෙන් කාසි හා යකඩ ඇණ ගිල දැමූ පුද්ගලයකුගේ උදරයේ තිබී කාසි 140ක් හා ඇණ 150ක් පිටතට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙලෙස කාසි ගිල දමා ඇත්තේ රාජ්පාල් සිං නමැති 34 හැවිරිදි ගොවියෙකි. දැඩි වේදනාවක් ගෙනදෙන උදරාබාදයක් හේතුවෙන් පන්ජාබ් නගරයේ රෝහලකට ඇතුළු කිරීමෙන් පසු කරන ලද එන්ඩස්කොපි පරීක්ෂණයකින් පෙනී ගොස් ඇත්තේ ඔහුගේ උදරයේ ලෝහ කැබලි ඇති බවයි.

පසුව ඔහු ශල්‍යකර්මයකට භාජනය කර ඇති අතර ඔහු වසර තුනක කාලයක් පුරා ගිල දැමූ කාසි 140ක්, ඇණ මුරිච්චි කැබලි 150ක් සහ බැටරි කිහිපයක් එහිදී උදරයෙන් එළියට ගෙන ඇත.

උදරයේ තිබූ යකඩ කැබලි හා කාසි ඉවත්කිරිම සිදුකළ පන්ජාබ් රෝහලේ වෛද්‍ය ගගන්දීප් ගොයාල් මහතා පවසන්නේ ඔහුගේ ආහාර මාර්ගයේ කැමරාවක් යවා පරීක්ෂා කළ විට පුදුම සහගත දර්ශනයක් දැකගත හැකිවූ බවයි. එහි ලෝහ රැසක් තිබූ බවත් පසුව ඒවා ඉවත් කිරීමට කටයුතු කළ බවත් වෛද්‍යවරයා පවසා ඇත.

තවත් තියුණු කොටස් කිහිපයක් ඔහුගේ උදරයේ තිබෙන බවත්, තව දින කිහිපකින් එම ලෝහ කොටස් ද ඉවත්කිරීමට කටයුතු කරන බවත් වෛද්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>