හිරට ගවුමක් ඇන්ඳ ජැක්ලින්ට සිදුවූ දෙයක්

null

ශ්‍රී ලංකික සම්භවයක් ඇති බොලිවුඩ් නිලි ජැක්ලින් ෆර්නෑන්ඩස් හට පසුගියදා පැවති සම්මාන උළෙලකදී ඇබැද්දියකට මුහුණදීමට සිදුවිය. ඒ ඇය ඇඳ සිටි ගවුම් විලාසිතාව හේතුවෙනි.

පසුගිය ඉරිදා ඉන්දියාවේදී පැවති star guild awards 2015 සඳහා සහභාගී වූ ජැක්ලින් ෆර්නෑන්ඩස් සැරසී සිටියේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ඇඳුම් නිර්මාණ ශිපියෙකු වන ගෞරව් ගුප්තා විසින් නිර්මාණය කරන ලද අලංකාර ගවුමකිනි.

කොතරම් අලංකාර වුනත් මේ ගවුමෙන් සැරසුන ජැක්ලින්ට කිසිම පහසුවක් දැනී නොමැත. එම ගවුමේ දණහිස් ප්‍රදේශය හිරට නිම කර තිබීම නිසා ඇයට ඇවිදීමට සිදුවී තිබෙන්නේ බොහෝ අපහසුවෙනි.

අපහසුවෙන් හෝ රතු පලස මතින් ඇවිද ගියත් සම්මාන ශාලාවට ඇතුල්වීම සඳහා පඩි කිහිපයක් නගින්න තිබෙනු දුටුවිට ඇය මුහුණදී තිබෙන්නේ අකරතැබ්බියකටයි.

කෙසේ වෙතත් එම අවස්ථාවේ ඉදිරිපත්වුන සංවිධායකයන් ජැක්ලින්ව ඔසවාගෙන සම්මාන ශාලාව තුලට ගෙන ගොස් තිබෙනවා.

null
null
null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>