හිරුණිකාගෙන් ‘රිවිර’ මාධ්‍යවේදියෙකුට තර්ජන

null

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ‘රිවිර’ පුවත්පතේ මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛ මහතාට කල තර්ජනයක් සම්බන්ධයෙන් ඒ මහතා මරදාන පොලිසියට පැමිණිලි කර තිබේ.

‘රිවිර ඉරිදා සංග්‍රහයේ’ තීරු ලිපියක පළ වූ කොටසක් සම්බන්ධයෙන් කෝපවී ඇති හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය ඊයේ (21) උදෑසන එම කාර්යාලයේ දුරකථන අංකයට කතාකර මාධ්‍යවේදී රුචිර දිලාන් මධුසංඛ මහතාට තර්ජනය කර ඇත.

‘තමුසෙ තමයි මේවා කරන්නේ. රුචිර එකක් මතක තියාගන්න. මම පත්තරේට නඩු දානවා. එතකොට බලා ගමු. ‘රිවිර’ කුඩු කරනවා. මාත් එක්ක හැප්පෙන්න ආවොත් වෙන දේ බලාගන්න පුළුවන්. මම ආණ්ඩුවෙන් ගියා විතරයි තමසෙලා මඩ ගහන්න පටන් අරන්. මම නරක ගෑනි කරගන්න එපා. මැරුම් කන්න තමයි වෙන්නේ’ යයි කියමින් හිරුණිකා මෙනවිය අදාල මාධ්‍යවේදියාට තර්ජනය කර ඇති බව එම පුවත්පත වාර්තා කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>