හිරුණිකාට සහ සෝලංගආරච්චිට තර්ජන

null

තමා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක් ඇතැයි කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප‍්‍රසන්න සෝලංගආරච්චි මහතා පවසයි. තමාට මෙන්ම හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවියටද ජීවිත තර්ජන එල්ලවී ඇති බව ඔහු පවසා තිබේ.

කොළඹ දී ඊයේ (11) මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත. ප‍්‍රසන්න සෝලංගආරච්චි සහ හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර යන දෙදෙනාම පසුගියදා පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දීම සඳහා එක්විය.

තමාව තනිකර ඝාතනය කිරීමේ හෝ අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවත් ඝාතනය කළොත් ආරක්ෂක ඇමති හෝ ආරක්ෂක ලේකම් වගකීම බාරගත යුතු බවත් ඔහු කියා සිටි බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

තමාගේ ප්‍රදේශයට ආ එස්.ටී.එෆ් දැයි කියා නොදන්නා පිරිසක් තමාගේ නිවස කොහේදැයි විමසා, හැම හන්දියකම ලොකු භීෂණයක් ඇති කර ඇති බවද, මේ සම්බන්ධයෙන් තමන් පොලීසිය දැනුවත් කළ බවද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>