හිරුණිකාට හා මවට එරෙහිව දේපල නඩුවක්

null

තමන්ට අයත් ඉඩමක් සහ එහි තිබෙන ගොඩනැගිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට කොළොන්නාවේ පදිංචිකරුවන් දෙදෙනෙකු විසින් ගොනුකළ නඩුව මාර්තු මස 29 වනදා විභාග කෙරේ.

ඒ ඊයේ කොළඹ දිසාඅධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.

රොහාන් වික්‍රම සහ රුවන් විජේසේකර යන දෙදෙනා විසින් ගොනු කළ එම නඩුවේ වගඋත්තරකරුවන් වන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ඇගේ මව වන සුමනා ප්‍රේමචන්ද්‍රයි.

තමාට අයත් ගොඩනැඟිල්ලක් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මිය හා ඇයගේ මෑණියන් වන සුමනා ප්‍රේමචන්ද්‍ර යන අය විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන ඇති බවත්, එය තමාට නැවත ලබාදෙන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පැමිණිලිකාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පක්ෂ කාර්යාලයක් පවත්වාගෙනයාම සඳහා මොවුන් විසින් තමාට අයත් ගොඩනැඟිල්ලක් ලබා ගත් බවත්, එය නැවත තමාට දෙන ලෙස ඉකුත් පෙබරවාරි මස සිට ඉල්ලීම් කරනු ලැබුවද, එම ඉල්ලීම මෙතෙක් ඉටුනොවුණු බව පැමිණිලිකරුවන් අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>