හිරුණිකා අත්අඩංගුවට ගන්නැයි නීතිපතිවරයාගෙන් උපදෙස්

null

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියට සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ.

එබැවන් එම උපදෙස් අනුව පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කර තිබේ.

දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි.

පවුල් ප්‍රශ්නයක් ඊට මුල්වී තිබුණු බව පසුව කියැවිණි. සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ ඉන් අනතුරුවයි.

එ‍සේ වුවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබුණේ එම සැකකටයුතු පුද්ගලයින් තමා විසින් පොලීසියට බාරදීමට කටයුතු කළ බව හා මෙම සිද්ධියට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>