හිරුණිකා අත්අඩංගුවට ගැනීමට තරම් සාක්‍ෂි නැහැ

null

දෙමටගොඩ ප්‍රදේශයේදී තරුණයකු පැහැරගෙන යැමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් කොළඹ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් තරම් සාක්‌ෂි මේ වන තුරු ලැබී නොමැති බව කොළඹ අපරාධ කොට්‌ඨාසය පවසයි.

පොලිසිය පවසන්නේ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මියගේ පෞද්ගලික ආරක්‌ෂකයන් පිරිසක්‌ ඇගේ අනුදැනුමකින් තොරව ඇයට අයත් ඩිෙෆෙන්ඩර් ජීප් රථය රැගෙන ගොස්‌ මෙම තරුණයා පැහැරගෙන ගොස්‌ ඇති බවයි.

එහෙත් පැහැර ගැනීමට ලක්‌වූ තරුණයා පොලිසිය හමුවේ පාපොච්චාරණය කරමින් කියා සිටියේ හිරුණිකා ප්‍රෙමචන්ද්‍ර මහත්මිය කොළොන්නාවේ පිහිටි ඇයට අයත් කාර්යාලයේදී තමන්ට තර්ජනය කළ බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කොළඹ අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිටියේ මන්ත්‍රීවරිය ඇගේ කාර්යාලයේදී පවුල් දෙකක්‌ කැඳවා ඔවුන් අතර තිබූ පවුල් ආරවුලක්‌ විසඳීමට කටයුතු කර ඇති බව පරීක්‌ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපති උපදෙස්‌ ලබා ගැනීමට පොලිසිය කටයුතු කරමින් සිටින බවද අපරාධ කොට්‌ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ කියා සිටියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>