හිරුණිකා, රාජිත ඇතුළු පිරිසකගේ පක්ෂ සාමාජිකත්වය තහනම්

null

ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ති‍බේ.

අද (28) පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන සහ අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන්ගේ මෙන්ම පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ – නිදහස් පක්ෂ සාමාජිකත්වය මෙලෙස තහනම් කර ඇත.

පක්ෂයේ නීතිරීතිවලට පටහැනිව මොවුන් ක්‍රියාකිරීම නිසා මෙම තීරණය ගෙන ඇති බවත්, ඒ පිළිබඳව ඔවුන් වෙත දැනුම්දී ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>