හිරුණිකා හා ගෝලයින් උසාවියට

null

දෙමටගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකු පැහැර ගෙනයාම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පා.ම. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 9 දෙනා අද (12) අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.

ඒ අදාළ චෝදනාව සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහායි මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සිද්ධියේ පටිගත කළ සීසීටීවී දර්ශන ද මන්ත්‍රීවරිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවල වීඩියෝ දර්ශනද මොරටු විශ්ව විද්‍යාලයට යවා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් නිහායි මහතා වැල්ලම්පිටිය පොලිසියට නියෝග කර තිබේ.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ ඩිෆෙන්ඩර් රිය ගැන යම් අයිතිවාසිකමක් ඇත්නම් ලබන නඩු දිනය වන ජනවාරි 26 වැනිදාට පෙර ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා මන්ත්‍රීවරියට නියෝග කර ඇත.

ඩිෆෙන්ඩර් රිය ගැන මහේස්ත්‍රාත් එම නියෝගය කළේ දෙමටගොඩ වෙළඳ සේවකයා පැහැර ගැනීමට යොදාගත්තැයි කියන එම රිය මුදාහරින්නැයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ඉල්ලා සිටි අවස්ථාවේදීයි.

මෙම සිද්ධිය ගැන වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බව එහිදි ‍කොළඹ අපරාධ කොට්ඨාසය දැනුම්දී ඇති අතර වැඩිදුර නඩු විභාගය ලබන 26 වැනිදාට කල්තැබිණ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>