හිරුණිකා හෙට යුග දිවියට

null

බස්නාහිර පළාත්සභා මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හෙට (6) විවාහ දිවියට එළඹීමට නියමිත බව වාර්තා වේ. ඇය අතගන්නා මනාලයා ජනප්‍රිය නිරූපණ හා රංගන ශිල්පියෙකු බව පැවසේ.

ඔවුන්ගේ ප්‍රේම සම්බන්ධයට මාස 4ක් පමණ වන අතර ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් ඇය හදිසියේම විවාහ වීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට 6 සිදුවන්නේ එම විවාහයේ ලියාපදිංචි කටයුතුය. මෙම විවාහයේ සාක්‍ෂිකරුවකු වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අත්සන් තැබීමට නියමිතයි.

ඔවුන්ගේ විවාහ උත්සවය පවුලේ කිහිප දෙනෙකුට පමණක් සීමාවූ පුද්ගලික එකක් ලෙස පවත්වන්නට ඇය සූදානම් කර ඇති අතර දෙදනාගේ විවාහයේ ප්‍රසිද්ධ උත්සව සාදය ඉදිරි දිනෙක පැවැත්වෙනු ඇත.

හිරුණිකා සිය ෆෙස්බුක් ගිණුමේ ඇයගේ අතින් අල්ලාගත් තරුණයෙකුගේ ලෙස දැක්වෙන ඡායාරූපයක් පළ කර මින් “Few more hours to be Mrs..” ලෙස සඳහන් කර තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>