හිස නැති මළසිරුරක් හමුවෙයි

null

නාත්තන්ඩිය – වලහාපිටිය ප්‍රදේශයේ හොර වංගුව මාර්ගයේ 25 කණුව අසල හිස ක‍‍දෙන් වෙන් කරන ලද මළ සිරුරක් හමුවී තිබේ. ඊයේ (24) පස්වරුවේ මෙම මළසිරුර සොයාගෙන ඇත්තේ මාර්ගයේ පාළු ස්ථානයක ඇති වන ලැහැබක තිබීයදි ය.

රතු පැහැති කොට කලිසමක් පමණක් ඇද සිටි ඝාතනයට ලක්වූ අයගේ හිස කදෙන් වෙන් කර තිබී ඇත. මොහු වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය වෙනත් ස්ථානයක සිදු කර මළ සිරුර මෙම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි. ඊට හේතුව වී ඇත්තේ මළ සිරුර තිබූ ස්ථානයේ ඝාතනයක් සිදු කරණ ලද බවට සළකුණු කිසිවක් නොතිබීම බවද පොලීසිය කියා සිටී.

මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි මාරවිල අතිරේක දිසා විනිසුරු කල්හාරි ලිය‍නගේ මහත්මිය මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වා ඇත. එම ස්ථානයට පැමිණි හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ඩී.කේ.විජයවර්ධන මහතා ස්ථානීය පරීක්ෂාව සිදු කර තිබේ.

ඝාතනයට ලක්වී ඇති අයගේ මළ සිරුර හදුනා ගැනීම සදහා දැනට මාරවිල මූලික රෝහ‍ලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇත.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>