හිස නැති මළසිරුර කාගේදැයි හෙළිවෙයි

null

නාත්තණ්ඩියෙන් හමුවූ හිස කඳින් වෙන් කරන ලද මළ සිරුර බොරලැස්ගමුවේදී පැහැර ගත් මතුගම පදිංචිව සිටි අයෙකුගේ බවට තොරතුරු හෙළි වී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.

ඊයේ (25) රාත්‍රියේ මිය ගිය පුද්ගලයාගේ පියා විසින් මාරවිල රෝහලේදී දේහය හඳුනාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සදහන් කරයි.

මිය ගොස් ඇත්තේ 43 හැවිරිදි මතුගම – මීගහතැන්න – පැලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙක්.

හලාවත – මාරවිල – නාත්තණ්ඩිය – හොර වංගුව මාර්ගයේ 25 කණුව අසළ තිබී පෙරේදා රාත්‍රියේ හිස කඳින් වෙන් කරන ලද මෙම මළ සිරුරක් සොයා ගනු ලැබුවේය. ඒ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි. කෙසේ වෙතත් කුමන හේතුවක් මත මොහු පැහැරගෙන ගොස් ඝාතනය කළේ ද යන්න මෙතෙක් තොරතුරු හෙළි වී නොමැත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>