20 Feb 2016
හෘදයාබාදයක් නිසා රාජිත සිංගප්පුරු රෝහලකට
සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රතිකාර සඳහා අද (20) පෙරවරුවේ සිංගප්පූරුවේ රෝහලකට රැගෙන ගොස් තිබේ. පෞද්ගලික ගුවන් යානයකින් අමාත්‍යවරයා සිංගප්පූරුව බලා රැගෙන ගොස් ඇත.
පපුව ප්‍රදේශයේ ඇතිවූ වේදනාකාරී තත්වයක් හේතුවෙන් රාජිත සේනාරත්න මහතා ඊයේ කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුලත් කරනු ලැබු අතර වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.
කෙසේ වෙතත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කර ඇත්තේ අමාත්‍යවරයාට කිසිදු බරපතල රෝගී තත්වයක් නොමැති බවයි.