හෙට කොළඹට පැය 21ක ජල කප්පාදුවක්

null

හෙට (25) සෙනසුරාදා පෙ.ව 8.00 සිට 26 වන ඉරිදා දින අළුයම 5.00 දක්වා පැය 21ක කාලයක් කොළඹ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

කලටුවාව ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්.

ඒ අනුව හංවැල්ල, කළුඅග්ගල, මීපෙ, පාදුක්ක, ගොඩගම,හෝමාගම, කොට්ටාව,පන්නිපිටිය,රුක්මල්ගම, පැලැන්වත්ත,මත්තේගොඩ යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇත.

මීට අමතරව මහරගම,කොළඹ 08,09, සහ 10 යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව මණ්ඩලය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>