හෙට තරඟයට දැඩි ආරක්ෂාවක් – ක‍්‍රීඩාංගණයට දැළක් එළයි

null

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට පැවැත්වෙන 4 වන එක්දින ජාත්‍යන්තර තරඟය සඳහා අමතර ආරක්ෂාවක් යොදවා තිබේ.

3 වන එක්දින තරඟයේදී ක්‍රීඩාගාරයේ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් එම පියවර ගෙන ඇති බව සදහන්.

පෙරේදා පැවති තරගයේ දී ඇති වූ ගැටුමෙන් අලාභ සිදුවු වාහන පිළිබඳ තවදුරටත් තොරතුරු ලැබෙමින් ඇතැයි පොලිසිය පවසටු. පොලිස් ප‍්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසුවේ මෙම ගැටුමෙන් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු ද තුවාල ලැබූ බවයි.

අදාල විමර්ශනවලදී සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගැනුණ අතර පසුව අධිකරණය නියෝගයක් අනුව ඔවුන් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර කොළඹ ඛෙත්තාරාම ආර්. ප්‍රේමදාස ක‍්‍රීඩාංගණයේ සී සහ ඩී පේ‍්‍රක්‍ෂකාගාර ආවරණය වන පරිදි විශාල ප‍්‍රමාණයේ දැලක් සවි කිරීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. එහි කටයුතු මේ වන විටත් ආරම්භ වී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.

ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේ මාලිඟාවත්ත අන්තයේ සී සහ ඞී පේ‍්‍රක්‍ෂකාගාර පිහිටා තිබෙන අතර ශ‍්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා පැවති තරගය අතරවාරයේ දී ක‍්‍රීඩාංගණයට ගල් කැබලි සහ බෝතල් විසිවුයේ ද මෙම පේ‍්‍රක්‍ෂකාගාර දෙසිනුයි. එවැනි ද්‍රව්‍ය ක‍්‍රීඩාංගණයට වැටීම වැළැක්වීම, දැලක් සවි කිරීමේ අපේක්‍ෂාව වී තිබේ.

null
null
null
null
null
null

 

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>