හෙට දිනයේ සුරාසැල් වැසේ

null

දීපාවලී උත්සවය නිමිත්තෙන් දිවයින පුරා සියලූම සුරාසැල් හෙට (22) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් කර ඇති බවයි.

මේ අතර එදිනට අලෙවි කිරීම සඳහා ආගරපතන, ටොරින්ටන් වතුයායේ නිවසක පොළව යට සකස්කර තිබූ බංකරයක් තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පැන් බෝතල් 50ක් ආගරපතන පොලීසිය විසින් සිය බාරයට ගෙන තිබේ.

දීපවාලි උත්සව සමයේ අලෙවි කිරීම සඳහා මෙම මත්පැන් බෝතල් තොගය ගෙනවිත් ගබඩාකර තිබෙන අතර එය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සැකකරුගේ නිවසට යෑමේදී එම මත්පැන් තොගය සඟවා තිබූ කාමරයේ යතුර නොමැති බවත්, එම කාමරයේ කිසිසේත් විවෘත කිරිමට නොහැකි බවත් සැකකරු විසින් පොලීසියට පවසා ඇත. අනතුරුව එම ස්ථානයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු රාජකාරියේ යොදවා ආගරපතන පොලිස් ස්ථානයේ ආනන්දසිරි මහතා අධිකරණ නියෝගයක් ලබා ගැනීම සඳහා නුවරඑළිය අධිකරණයට ගිය අවස්ථාවේ සැකකරු නිවස තුළම වස පානය කර තිබේ. පසුව සැකකරුව ආගරපතන රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර කිරීම සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරුකර යවා ඇත.

පසුව නුවරඑළිය මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් දුන් නියෝගයක් මත සැකකරුගේ නිවසේ වසා තිබූ කාමරය පරික්ෂා කිරීමේදී මෙම මත්පැන් බෝතල් තොගය පොලිස් බාරයට ගෙන තිබේ.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>