හෙට පෘථිවිය සමීපයෙන් ගමන් කරන යෝධයා

null

පෘථිවිය සමීපයෙන් හෙට (31) දිනයේදී ග්‍රහකයක් ගමන් කරන බව යුරෝපීය අභ්‍යවකාශ නියෝජිතායතනය මගින් තහවුරු කර ඇත. මෙම ග්‍රහකය පෘථිවිය හෝ හඳ මත ගැටීමක් සිදුනොවන බව තහවුරු වී ඇති බැවින් ඒ ගැන අනවශ්‍ය බියක් ඇති කර ගතයුතු නැති බව එම ආයතනය පවසයි.

මෙම ග්‍රහකය මීටර 400 ක් පමණ පළල වන අතර හඳෙහි ගමන් මාර්ගයට තරමක් ඈතින් ගමන් කරනු ඇත. පෘථිවියත් හඳත් අතර දුර මෙන් 1.3 ගුණයක් පෘථිවියේ සිට ඈතින් තත්පරයට කිලෝමීටර 35 ක පමණ වේගයෙන් ගමන් කරයි.

මෙම ග්‍රහකය 2015TB145 ලෙස අංකනය කර තිබේ. සෙනසුරාදා රාත්‍රියෙහි දඩයක්කාරයා තාරකා රූපය පසුබිමෙන් මෙය ගමන් කරනු ඇත. මෙම ග්‍රහකය පියවි ඇසට නිරීක්ෂණය කළ නොහැකි අතර අඟල් 8 ක් හෝ ඊට වැඩි විශ්කම්භයක් සහිත දුරේක්ෂයක් තුළින් ඉතා පැහැදිලි අහසකදී නිරීක්ෂණය කළ හැකි බව තාරකා විද්‍යාඥයන් අදහස් කරයි.

නැවත මෙවැනි ග්‍රහකයක් 2027 දී හඳට සමාන දුරකින් ගමන් කරනු ඇත. එහි විශාලත්වය මීටර 800 ක් පමණ වන බව අනාවරණය කරගෙන ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>