හෙට වැසෙන පාසල් මෙන්න

null

හෙට (13) දිනයේ නාමයෝජනා බාරදෙන අවසන් දිනය බැවින් බස්නාහිර පළාතේ පාසල් 22කට නිවාඩු ලබාදීමට පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

හෙට දිනයේ නගර වල ඇති වන වාහන තදබදය හේතුවෙන් සිසුන්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම සඳහා මෙම තීරණය ගෙන ඇත. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතා ප‍්‍රකාශ කරන පරිදි හෙට (13) දිනයේ නිවාඩු ලබාදෙන පාසල් පහතින් දැක්වේ.

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, රත්නාවලී බාලිකා විද්‍යාලය, යශෝධරා බාලිකා විද්‍යාලය, තක්ෂිලා විද්‍යාලය, බණ්ඩාරවත්ත පරාක‍්‍රමබාහු විද්‍යාලය, කැප්පෙටිපොළ මහා විද්‍යාලය, සිද්ධාර්ථ කුමාර, ගෝතමී කනිෂ්ඨ විද්‍යාලය , ගජබා කනිෂ්ඨ විද්‍යාලය, ශී‍්‍ර බෝධි ප‍්‍රාථමික විද්‍යාලය, සිරුකුරුස විද්‍යාලය, සුමේධ විද්‍යාලය, යක්කල අනුර මධ්‍ය විද්‍යාලය හා යක්කල චන්ද්‍රජෝති මහා විද්‍යාලය, කළුතර ශාන්ත ජෝන් විද්‍යාලය , ඥානෝදය විද්‍යාලය, කළුතර බාලිකා විද්‍යාලය සහ කළුතර විද්‍යාලය.

ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පිහිටි රාජගිරිය ජනාධිපති විද්‍යාලය, හේවාවිතාරණ විද්‍යාලය සහ පැරකුම් විද්‍යාලයද හෙට (13) දිනයේදි වසා තැබෙනු ඇති.

මිට අමතරව රත්නපුර හා කෑගල්ල යන දිස්ති‍්‍රක්ක දෙකෙහි පාසල් 21ක් හෙට (13) පෙරවරු 11.30 ට වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් තීරණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>