07 Jan 2015
හෙට සහ අනිද්දා සුරාසැල් වැසේ
ජනාධිපතිවරණය හේතුවෙන් හෙට සහ අනිද්දා දිවයිනේ පිහිටි සියලුම සුරාසැල් වසා තබන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 8 සහ 9 දිනවල රාජකාරී සදහා සුරාබදු නිලධාරීන් යොදා ඇති අතර එම දිනවල නීති විරෝධීව මත්පැන් අලෙවි කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගැනෙනු ඇත.
සාමකාමී හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අපේක්ෂා කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇති බව වාර්තාවෙයි.