30 Jun 2015
හෙට හිටපු ජනපතිගෙන් විශේෂ ප්රකාශයක්
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනයේ විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙන බව දෙරණ නිව්ස් වාර්තා කරයි.
හෙට පෙරවරු 10.30ට වීරකැටිය මැදමූලනේ සිට මෙම ප්රකාශය සිදුකිරීමට නියමිතය.
මහමැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් හෙට දිනයේ මහින්ද රාජපක්ෂ මහතා අදාල ප්රකාශය සිදුකරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්රියාකාරීන් පිරිසක් හෙට (01) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන පිහිටි නිවස දක්වා ගමන් කිරීමේ රථ පෙළපාලියක් සංවිධාන කර තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ මහමැතිවරණයට තරග කරන ලෙස හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම මෙම වැඩසටහනේ අරමුණ වන බවයි.