හෙරොයින් කිලෝ 85.5ක් සමග සැකකරුවන් අත්අඩංගුවට

බියගමදී හයිබ්‍රඩ් වර්ගයේ නවීන මෝටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් කෝටි 68ට වඩා වටිනා හෙරොයින් කිලෝ 85.5ක් සමග සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇත. මීට සුළු කාලයකට පෙර ලැබුන ඔත්තුවකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති අතර මේ සඳහා නිල ඇඳුමෙන් හා සාමාන්‍ය ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් හතලිස් දෙනෙකු පමණ යොදවා ඇත.

ඒ අනුව දැඩි විමසිල්ලෙන් පසුවූ පොලිස් නිලධාරීන් හට කොටහේන පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් දෙදෙනා සමග ඉස්තරම්ම වර්ගයේ හෙරොයින් කුඩු කිලෝ අසූ පහමාරක් අල්ලා ගැනීමට හැකිවිය. ලංකාදීප පුවත්පතේ සඳහන් වන පරිදි මෙම සැකකරුවන් දෙදෙනා කැලණිය බිගයගම පාරේ එක් ස්ථානක දී මුණගැසී එතැනදී එක් අයෙකු හයිබ්‍රිඩ් කාරයට මාරු වූ බවත් දැනගන්නට ලැබ තිබූ අතර ඉන් අනතුරුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.
එමෙන්ම රේගුවේදී හමුවූ කුඩු තොගයෙන් පසු ශ්‍රී ලංකාවෙන් සොයාගත් දෙවන විශාලතම කුඩු තොගය මෙය ලෙස වාර්ථා වේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>