හෙරොයින් සල්ලි වලින් චිත්‍රපට නිෂ්පාදනය කළ කුඩු රජා මාට්ටු

null

ශ්‍රී ලංකාව වෙත හෙරොයින් ටොන් ගණනින් ලබාදෙන අංක එකේ ජාවාරම්කරු වන්නේ “සෙල්වම්” සහ “පරාවර්තන” චිත්‍රපට නිෂ්පාදනය කළ මොහොමඩ් මුබාරක්‌ මොහොමඩ් මුජයිඩ් නමැත්තා මේ වන විට මලයාසියාවේ ධන කුවේරයකු ලෙස අතිසුඛෝපභෝගී ජීවිතයක්‌ ගත කරන අතර ඔහු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්‌ ලබාගෙන තිබේ.

මේ අතර මෙම ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසියේ රතු නිවේදනයක්‌ ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටී.

ශ්‍රී ලංකාව වෙත ආනයනය කරන හෙරොයින්වලින් සියයට හැත්තෑවකට ආසන්න ප්‍රමාණයක්‌ ලබා දෙන්නේ මොහොමඩ් මුජයිඩ් විසින් යෑයි ද අනාවරණය කරගෙන තිබේ.

මොහු පිළිබඳ තොරතුරු හෙළි වූයේ පොලිස්‌ මත්ද්‍රව්‍ය අංශය පසුගිය 2013 වසරේ සිට ක්‍රියාත්මක කරනු ලැබූ දීර්ඝ විමර්ශනයකදීය.

මහනුවර ප්‍රදේශයේ පදිංචි මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු වන අහමඩ් නජිමුදීන් නමැත්තා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී මොහොමඩ් මුජයිඩ් ගැන වැදගත් තොරතුරු රැසක්‌ හෙළි විය.

මෙම ජාවාරම්කරු පසුගිය රජයේ ප්‍රබල පෙළේ දේශපාලනඥයකුගේ සමීපතම මිතුරකු බව ද අනාවරණය වී ඇත. සෙල්වම් චිත්‍රපටය නිෂ්පාදනය කිරීම සඳහා ආධාර උපකාර දී ඇත්තේ මෙම ප්‍රබල දේශපාලනඥයා බව ද හෙළිවෙමින් පවතී.

මලයාසියාවේ ප්‍රභූවරයකු ලෙස ජීවත්වන මෙම මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරු අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකිවනු ඇතැයි පොලිසිය පවසයි.

(හේමන්ත රන්දුණු)

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>