හෙල්මටයක් නිසා ලංකාවේ ගනිඳුට අමෙරිකාවෙන් කෝටි 7ක්!

null

Verizon සමාගම විසින් සංවිධානය කරනු ලබන තරඟයකින් අවසන් වටයේදී ප්‍රවාහන අංශයෙන් දෙවන ස්ථානය දිනාගනිමින් ඇමරිකානු ඩොලර් ලක්ෂ 5ක (රුපියල් කෝටි 7ක් පමණ) අති දැවැන්ත ත්‍යාගය දිනාගැනීම සඳහා මෝටර්බයිසිකල් හෙල්මට් සංවේදක පද්ධතියක් නිර්මාණය කළ ගනිඳු නානායක්කාර නම් ලාංකික තරුණයෙක් සමත්ව තිබේ.

Verizon සමාගමේ Powerful Answers Award තරඟය Emergency Response (ආපදා කළමණාකරණය), The Internet of Things (අන්තර්ජාල සේවා) හා Transportation (ප්‍රවාහන) යන අංශ 3 යටතේ පැවැත්විය. මේ තරඟය ප්‍රවාහන අංශය යටතේ තරඟවැදුනු ගනිඳු නානායක්කාර මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඔහු නිර්මාණය කළ iHelmet නම් උපාංගය සංවේදක රාශියක් හරහා නිරන්තරයෙන් දත්ත රැස්කරගන්නා අතර ඒවා ජංගම දුරකථනය හරහා බ්ලූටූත් හරහා හුවමාරු කරගනී.

මෝටර් සයිකල හෙල්මටයක් හා සම්බන්ධ කර ඇති විට මේ උපරකණයට අධික වේගයේදී අනතුරු හැඟවීමට, වාහන නැවැත්වීම සඳහා ඇති ස්ථාන වෙත ධාවකයා යොමු කිරීමට, බාහිර වායුගෝලීය තත්වය පරීක්ෂා කිරීමට, රියැදුරුට නොපෙනෙන ස්ථාන පිළිබඳව අවධානයෙන් සිටීමට වැනි කාර්යයන් විශාල සංඛ්‍යාවක් සිදුකළ හැක.
මේ උපකරණය හා Smart Phone app එක සමඟ හෙල්මටයක මිල $115ක් පමණ වන අතර උපකරණය හා Smart Phone app එක පමණක් $75ක මුදලකට අලෙවි කිරීමට නියමිතයි.

මෙවර මෙම තරඟය සඳහා තරඟකරුවන් 1400කට අධික පිරිසක් සහභාගී වී ඇති අතර අවසන් සම්මාන ප්‍රධානය ඊයේ (09) දිනයේදී ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හීදී පැවැත්විය. මෙවර තරඟය සඳහා එක් අංශයකින් එක බැගින් තෝරාගන්නා ජයග්‍රාහකයින් තිදෙනාට ඩොලර් මිලියනයක ත්‍යාගය බැගිනුත් දෙවන ස්ථාන සඳහා $500000 කුත් තෙවන ස්ථාන සඳහා ඩොලර් 250000ක ත්‍යාග 2 බැගිනුත් ත්‍යාග පිරිනැමුනා.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>